පිරිසුදු කුළු බඩු ආහාරයට ගමු..බඩවැල් පිලිකාවට තිත තියමු..!
කුළුබඩු පිළිකා වළක්වනවාද? බාල සහ පුස් ඇති කුළුබඩු නිසා අවදානම් ඇතිවෙන්නේ කොහොමද? පිරිසිදු කුළුබඩු තෝරාගන්නා සහ ගෙදරදී ගබඩා කරන සරල ක්රම.
පිරිසුදු කුළු බඩු අහාරයට ගමු..බඩවැල් පිලිකාවට තිත තියමු..!
- කුළුබඩු පිළිකා වළක්වනවාද?
- බාල සහ පුස් ඇති කුළුබඩු නිසා අවදානම් ඇතිවෙන්නේ කොහොමද?
- පිරිසිදු කුළුබඩු තෝරාගන්නා සහ ගෙදරදී ගබඩා කරන සරල ක්රම
කහ, ගම්මිරිස්, කුරුඳු වගේ කුළුබඩු පිළිකා වළක්වනවා කියලා ඔබ අහලා ඇති. අනෙක් අතට, “බාල කුළුබඩු වලින් පිළිකා හැදෙනවා” කියලත් අහන්න ලැබෙනවා. මේ දෙකම ඇත්තද? අද අපි බලමු.
කුළුබඩු වලට පිළිකා වළක්වන්න පුළුවන්ද?
කෙටි පිළිතුර: ඒක තවම ඔප්පු වෙලා නම් නෑ!
කහ වල කර්කියුමින් (curcumin), ගම්මිරිස් වල පයිපරීන් (piperine) වගේ සංයෝග ගැන රසායනාගාර අධ්යයන ගොඩක් තියෙනවා. ශ්රී ලංකාවේ බහුලව පාවිච්චි වන කුළුබඩු වල පිළිකා සෛල වලට එරෙහි විය හැකි ගුණ ගැනත් පර්යේෂණ ප්රකාශයට පත් වෙලා තියෙනවා. හැබැයි ඒවායින් බොහොමයක් කරලා තියෙන්නේ රසායනාගාරයේ සෛල වලට සංයෝග යොදලා. කෑමට දාන ප්රමාණයෙන් මිනිස්සුන්ට පිළිකා වළක්වන බව එයින් කියවෙන්නේ නැහැ.
ඒ නිසා කුළුබඩු කියන්නේ රසයත් සුවඳත් දෙන, හොඳ ආහාර රටාවක කොටසක්. පිළිකා වළක්වන බෙහෙතක් නෙමෙයි. කිසිම කුළුබඩුවක් තනියම පිළිකා වළක්වන්නේ හෝ සුව කරන්නේ නැහැ.
එහෙනම් කුළුබඩු වල අවදානම මොකක්ද?
මෙතන තියෙන්නේ කුළුබඩු වල වරද නෙමෙයි. අපි ගන්න කුළුබඩු වල තත්ත්වයේ ප්රශ්නයක්. ප්රධාන අවදානම් තුනක් තියෙනවා.
1. පුස් සහ ඇෆ්ලටොක්සින් (aflatoxin)
කුළුබඩු හොඳට වේලා නොගෙන හෝ තෙතමනය තියෙන තැනක ගබඩා කළොත් පුස් හැදෙන්න පුළුවන්. සමහර පුස් වර්ග නිපදවන ඇෆ්ලටොක්සින් කියන විෂ, පිළිකා ඇති කරන ද්රව්යයක් ලෙස ලෝක සෞඛ්ය සංවිධානයත් පිළිගන්නවා. අක්මා සහ බඩවැල් පිළිකා වලට ඒක හේතුවක් විය හැකියි. පුස් ගද ගහන කුළුබඩු කිසිවිටෙකත් කන්න එපා.
2. බාල ද්රව්ය සහ අනුමත නැති සායම්
මිරිස්/මස් කරි කුඩු සහ කහ වගේ දේවල වර්ණය තද කරන්න ආහාරයට අනුමත නැති සායම් දාන සිදුවීම් ලෝකයේ වාර්තා වෙලා තියෙනවා. පාන් පිටි, දහයියා කුඩු වගේ දේවලුත් මිශ්ර කරනවා කියලා ඔබ අපි හැමෝම දන්නවා. ගම්මිරිස් සහ කහ වගා කරන කෙනෙක් හැටියට නැත්තම් ඔය මිලට දෙන්න අමාරුයි. සුළු ලාබය තකා ඩයි වර්ග යෙදූ කැම පොඩි ලමයින්ටනම් දෙන්න එපා. අර චුන් චුන් වගේ ඩයි දාපු ඩයිබිටික් දියර වගේ. අපි කන දෙයක අඩංගු දේ අපිට පේන්නේ නැති නිසා, ප්රමිතියෙන් තොර ඉතා ලාභ කුඩු ගැන පරිස්සම් වෙන්න ඕනේ.
3. කෘමිනාශක අපද්රව්ය
වගාවේදී අධික ලෙස කෘමිනාශක යොදපු කුළුබඩු වල ඉතිරි වෙන කොටස් ගැනත් සෞඛ්ය බලධාරීන් අවධානය යොමු කරනවා.
හොඳම ක්රමය විශ්වාසදායක තැනකින් ගැනීමයි.
සැර මිරිස් ගැනත් කතාවක් තියෙනවා. ඉතා අධික සැර ආහාර නිතරම කන අයට ආමාශයේ ගැටලු වැඩි වෙන්න පුළුවන් කියලා සමහර අධ්යයන වල පෙනී ගියත්, ඒ සාක්ෂි තවමත් පැහැදිලි නැහැ. හැබැයි ඇඟට අපහසුවක් දැනෙනවානම් සැර අඩු කරන එක හොඳයි. විශේශයෙන් අර්ශශ් ඇති අය. (ලංකාවේ හැමෝටමනම් දැන් අර්ශශ්, රයිස් කොත්තු වලට දාන්නේ ලාබෙට ගෙනාපු කෘතිම කුලුබඩු කියන එක මතක තියාගන්න.)
පිරිසිදු කුළුබඩු තෝරාගන්නේ කොහොමද?
විශ්වාසදායක තැනකින් ගන්න: කොහෙන්ද ගෙනෙන්නේ, කොහොමද හදන්නේ කියලා කියන්න පුළුවන් විකුණුම්කරුවෙක්ගෙන් ගන්න.
ගම්මිරිස් වගේ නම් අනිවර්යෙන් ඇට විදිහට ගන්න: මිරිස්, කොත්තමල්ලි, සූදුරු වගේ දේවල් ඇට විදිහට ගත්තාම, බාල ද්රව්ය මිශ්ර කරන එක අමාරුයි. හැබැයි ඔබ කාර්ය්බහුල කෙනෙක් නම් විශවාසවන්ත තැනකින් ලබාගන්න.
ගද සුවඳ බලන්න: තෙත ගතියක්, පුස් ගඳක්, නැත්නම් අමුතු රසායනික ගඳක් දැනෙනවානම් ඒක ගන්න එපා.
ඕනෑවට වඩා තද පාටින් පරිස්සම් වෙන්න: ස්වභාවික කුළුබඩු වල පාට සාමාන්යයෙන් එතරම් දිළිසෙන්නේ නැහැ.
ගෙදරදී පිරිසිදුව තියාගන්නේ කොහොමද?
අපි හිතමු ඔබ කුඩු මිරිස් ග්රෑම් 500ක් එකපාර ගත්තා කියලා. ඒත් මාසයකට පාවිච්චි කරන්නේ ග්රෑම් 200ක් විතරයි කියමු. ඉතිරි ටික මාස ගණනක් බෝතලේ ඉන්නවා. ඒ කාලය තුළ තෙතමනය ඇතුළු වුණොත් පුස් හැදෙන්න ඉඩ තියෙනවා.
ඒ නිසා:
- වේලපු කුළුබඩු වාතය නොයන, වියළි බෝතලයක තියන්න.
- හැඳි දාන්න කලින් එය වියළියි කියලා බලන්න. තෙත හැන්දක් දානවා කියන්නේ තෙතමනය ඇතුළු කරනවා කියන එක.
- පොඩි ප්රමාණ ගන්න. ඉක්මනට අවසන් වෙන ප්රමාණයක් ගත්තාම සුවඳත් අලුත්, අවදානමත් අඩුයි.
- ගෙදරදී කුඩු කරනවානම් ඇටේ හොඳට වේලිලා ඇති බව බලලා කුඩු කරන්න.
සෞඛ්ය ගැන සටහනක්: මේ ලිපිය තොරතුරු දැනගන්න ලියපු එකක්. වෛද්ය උපදෙසක් නෙමෙයි. පිළිකා අවදානම අඩු කරන්න හොඳම ක්රමය සමස්ත ආහාර රටාව: එළවළු, පළතුරු, ධාන්ය වැඩියෙන් කන එකයි. අධික ලෙස සකස් කළ ආහාර රයිස් කොත්තු අඩු කරන එකයි. ඔබට සෞඛ්ය ගැටලුවක් තියෙනවානම් වෛද්යවරයෙකුගෙන් අහන්න.
අවසාන වශයෙන්
රයිස් කොත්තු වලට වියදම් කරන සල්ලි වලින් හොද මස් කරි එකක් පොල් සම්බෝලයක් හදන් බත් කටක් කන්න.
හොද කුළු බඩු තියනවනම් පරිප්පු හොද්දක් ඇති බඩ පිරෙන්න කන්න ❤️
වැරදි ආහාර රටාවෙන් මිදෙමු..❤️👊🏻
පිරිසිදු කුළුබඩු ගැන තව කතා අපි ඉදිරියටත් ලියන්නම්. යාපනේ කුළුබඩු ගැන දැනගන්න ඕනෑනම් www.spicemart.shop බලන්න.






